පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්මි හිමියෝ අපවත් වූහ.
ඊයේ (27) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අපවත් වී තිබේ.
අපවත් වන විට උන්වහන්සේ අවුරුදු 85ක් ආයු වළදා තිබුණි.
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි පරිවේනාධිපතිහිමි වශයෙන් කටයුතු කළ වැලමිටියාවේ කුසලධම්ම හිමි මෙරට ශාසනයේ උන්නතිය උදෙසා ඉමහත් සේවයක් සිදුකළ හිමිනමක් ලෙස සැලකේ.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අද (28) දිනයේ තීරණය කරන බව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
788 Views
Comments