මැති සබේ නවක මන්ත්‍රීන්ට අමතක වූ පිස්තෝල

පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදෙන ගිනි අවිය (පිස්තෝලය) මෙතෙක් ලබාගෙන නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද වෙති.
පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අසූවකට අධිකය.
මෙයින් ගිනි අවිය ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකට වැඩි යැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අලුත් මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ගේ ආරක්ෂාව සඳහා ලබාදෙන එම ගිනි අවියට වැඩි උනන්දුවක් දක්වන ආකාරයක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු ඉහල නිළධාරීවරයකු පැවසීය.
683 Views
Comments