හිඟ ගුරු වැටුප් දෙන්න යුනිසෙෆ් ඉදිරිපත් වෙයි

මාස ගණනක සිට වැටුප් නොලැබීම හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින ඇෆ්ගනිස්ථානයේ ගුරුවරුන් හට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මගින් සෘජුව වැටුප් ගෙවීමට සැලසුම්කර තිබේ.
තලේබාන් සංවිධානය විසින් ඉකුත් අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමඟ එරට රජයේ පාසල් ගුරුවරුන්ට වැටුප් ලැබීම අවහිර වී තිබුණු අතර ඒත් සමඟ ගුරුවරුන් සිය පුද්ගලික දේපල පවා විකුණා දමමින් සිය දෛනික අවශ්‍යතා ඉටුකරගැනීමට සිදුවිය.
මේත් සමඟම විදේශ රාජ්‍යන් විසින් ඇෆ්ගනිස්ථානයට ලබාදුන් සහනාධාර සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීම සිදුවූ අතරම ගැහුණු දරුවන්ට එතෙක් පැවති අධ්‍යාපන අයිතියද කප්පාදුවකට ලක්විය.
කෙසේ වෙතත් මෙම තත්ත්වයට විසදුමක් වශයෙන් යුනිසෙෆ් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ ගුරුවන්ට සෘජුවම වැටුම් ගෙවීමට තීරණය කර ඇති අතර මේවන විට ඔවුන්ගේ තොරතුරු ලබා ගනිමින් සිටින බවට එරට යුනිසෙෆ් අයාතනයේ අධ්‍යාපන අංශයේ ප්‍රධානී ජැනෙට් වොග්ලර් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
1054 Views
Comments