මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

නාරාහෙන්පිට සහ වේරහැර ප්‍රදේශ වල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලවලින් මහජන සේවා සැපයීම අද සිට ආරම්භ වී තිබේ.
සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කාර්යාලීය කටයුතු සිදු කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.
මේ වනවිට පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් මෙම කාර්යාලවලින් සේවය ලබාගත හැක්කේ බස්නාහිර පළාතේ පුද්ගලයින්ට පමණයි.
ඔවුන්ද කාර්යාලයට පැමිණීමට පෙර පහත දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු වේ.
812 Views
Comments