පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මේ මාසයේ දී කොරෝනා එන්නත

පෙබරවාරි මාසයේ ඇතුලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරනු ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කරනවා.
මන්ත්‍රීවරුන් සඳහා එන්නත් කරණය සිදු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සෞඛ්‍ය අංශයෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටද එන්නත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වේත්‍රධාරිවරයා පැවසූ බවයි සඳහන් වන්නේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 8 ක ප්‍රමාණයක් මෙම මස මැද භාගයේදී ලැබීමට නියමිත බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
689 Views
Comments