ආයෝජකයන් දිරිගන්වන නව පැකේජ සැකසීමට ආයෝජන මණ්ඩලයට උපදෙස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
19

ආයෝජකයන් දිරිගන්වන නව පැකේජ සැකසීමට ආයෝජන මණ්ඩලයට උපදෙස්

ආයෝජකයන් දිරිගන්වන නව පැකේජ සැකසීමට ආයෝජන මණ්ඩලයට උපදෙස්

පවතින ආයෝජන පැකේජයන් ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාව පවසයි.

 

ඒ අනුව මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිලි කර ආයෝජකයන් දිරිගන්වන සුළු නව පැකේජයක් සැකසිය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

 

මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ දී ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු නිසා එම කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පැහැදිලිව සන්නිවේදනය කිරීම අත්‍යවශ්‍ය බව  උපදේශන කාරක සභාව වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 

මේ අතර පවතින පැකේජයන් යටතේ ව්‍යාපෘති, ආයෝජන සහ රැකියා කොපමණ ලැබී තිබේ ද යන්න පිළිබඳව දැනුම් දෙන ලෙස ද ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.

 

 

views

208 Views

Comments

arrow-up