දේපළ ලබාගෙන වෙනම යුගදිවියක් ගත කිරීමට දෙදෙරු මවක් වූ කොරෝනා ආසාදිත තම බිරිය ඝාතනය කළ ව්‍යාපාරික සැමියා මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

දේපළ ලබාගෙන වෙනම යුගදිවියක් ගත කිරීමට දෙදෙරු මවක් වූ කොරෝනා ආසාදිත තම බිරිය ඝාතනය කළ ව්‍යාපාරික සැමියා මාට්ටු

දේපළ ලබාගෙන වෙනම යුගදිවියක් ගත කිරීමට දෙදෙරු මවක් වූ කොරෝනා ආසාදිත තම බිරිය ඝාතනය කළ ව්‍යාපාරික සැමියා මාට්ටු

දේපළ ලබා ගැනීමේ අරමුණින් කොවිඩ් වෛරසය ආසාදනය වූ තම බිරිඳ නිදියහන මත මරා දැමූකළ බව කියන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි45 හැවිරිදි කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවකි. 

 

ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇති අතර මෙම යුවළට වයස අවුරුදු 13ක පුතෙකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් පොලිසිය සඳහන් කරයියි.


ඝාතනයට ලක්වූ කාන්තාව කොවිඩ් ආසාදනය වීමෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දා රාත්‍රී 10ට පමණ තම බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් අනතුරුවව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

 

සිරුර රෝහලට රැගෙන යෑමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.

 

ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොවිඩ් රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරුවී තිබූ බවත් පොලිසිය කියයි.


තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු ලෙස හැසුරුණු බවත් ඔහුගේ බෙල්ල ප්‍රදේශයේ සීරීම් තුවාලයක් තිබූ බවත් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට ඔහු දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත මියගිය කාන්තාවගේ සොහොයුරා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

 

එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබාගත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා දුන් පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙන්නේ මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මරණය සිදුව ඇති බවයි. 

 

ඒ අනුව සිදුකළ දීර්ඝ පරීක්ෂණ වලදී මරණය සම්බන්ධ සියලු‍ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී ඇති අතර තම බිරිඳගේ දේපල ලබා ගැනීමෙන් පසුව වෙනත් කාන්තාවක් හා යුගදිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

views

1071 Views

Comments

arrow-up