වසර දෙකක් ඇතුළත කිරිපිටි සහ බීජ ආනයනය නවත්වනවා - කෘෂිකර්ම ඇමති
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

වසර දෙකක් ඇතුළත කිරිපිටි සහ බීජ ආනයනය නවත්වනවා - කෘෂිකර්ම ඇමති

වසර දෙකක් ඇතුළත කිරිපිටි සහ බීජ ආනයනය නවත්වනවා - කෘෂිකර්ම ඇමති

තවත් වසර දෙකක් තුළ බීජ සහ කිරිපිටි  ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

 

2024 වන විට කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමටත්, රටට අවශ්‍ය බීජ රටේම නිපදවා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයිද අලු‍ත්ගමගේ මහතා පැවසීය.

 

බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කෘෂිකර්ම ඉලක්ක සපුරා ගැනිමට කැපවී කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව කීවේය.

views

844 Views

Comments

arrow-up