පොළොන්නරුවේ ලොකු ලොකු හාල් මෝල් සියල්ල වටලයි - 150ට හාල් කන්න පුළුවන් කියා ජනතාවගෙන් විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
08

පොළොන්නරුවේ ලොකු ලොකු හාල් මෝල් සියල්ල වටලයි - 150ට හාල් කන්න පුළුවන් කියා ජනතාවගෙන් විරෝධය

පොළොන්නරුවේ ලොකු ලොකු හාල් මෝල් සියල්ල වටලයි - 150ට හාල් කන්න පුළුවන් කියා ජනතාවගෙන් විරෝධය

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද විශාල වශයෙන් තොග රැස්කර තිබූ මහා පරිමාණ සහල් මෝල් වටලනු ලැබුවා.

 

ඒ අනුව අරලිය, නිපුන, හිරු, සූරිය සහ නිව් රත්න යන සහල් මෝල් වල තිබූ සහල් තොග වලින්  කොටසක් රජයට පවරා ගැනුනා. එම සහල් ඉදිරියේ දී රජයේ පාලන මිල යටතේ සතොස අලෙවිසැල් හරහා ජනතාවට බෙදා දීමට නියමිතයි.

 

මේ අතර රත්න සහල් මෝල තුළ සහල් කිලෝ ග්‍රෑම් මිලියන 41ක් පමණ සොයාගත් නමුත් ඉන් වෙළඳපොළට නිකුත් කර තිබුණේ ඉතා කුඩා සහල් ප්‍රමාණයක් පමණයි.

 

මහා පරිමාණ මෝල් හිමියන් සහ රජයේ පාර්ශව අතර ඇතිවූ සාකච්ඡාවන්හිදී පාලන මිලට සහල් දීමට එකඟතාවයකට පත්ව තිබුණද මෝල් හිමියන්  එම එකඟතාවයට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වැටලීම් සිදුකර තිබේ.

 

කෙසේ නමුත් මෙම සහල් ගබඩා අසලට රැස්වුණු ඇතැම් පිරිස් සදහන් කළේ සහල් මිල වැඩිවීම පිලිබඳව ජනතාවට ප්‍රශ්නයක් නොමැති බවයි.

views

858 Views

Comments

arrow-up