ළමුන් 7534 කට කොරෝනා වැළඳී නිවෙස්වල
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

ළමුන් 7534 කට කොරෝනා වැළඳී නිවෙස්වල

ළමුන් 7534 කට කොරෝනා වැළඳී නිවෙස්වල

ළමුන් හත් දහස් පන්සිය තිස් හතර දෙනකු(7534) කොවිඩ් වෛරසය ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා සිටියාය.

 

මෙම ළමුන් සියලු‍ දෙනා අවුරුදු 2ත් 15ත් අතර පසුවන අය වෙති.

 

කොරෝනා ආසාදිතයන් හැත්තෑ හත් දහස් නවසිය හතළිස් නවයක් නිවෙස්ගතව ප්‍රතිකාර ගැනීම සඳහා ලියාපදිංචිවී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

 

මේ අතර කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන ගැබිනි මවුවරුන් ගණන දෙසිය හතළිස් දෙදෙනකු බවද ඇය පැවසුවාය.

views

706 Views

Comments

arrow-up