නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් මරු තුරුළට යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් මරු තුරුළට යවයි

නයිලෝන් නූලෙන් ආ මරුවා මවත් සිඟිති පුතාත් මරු තුරුළට යවයි

ධාවනය වෙමින් පැවති යතුරු පැදියක කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් පැටලි  එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු මියගොස් යතුරුපැදිය පැදවු පියා සහ සය හැවිරිදි දරුවකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව රත්ගම පොලීසිය පවසයි.

 

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදා කඳවුර ආසන්නයේ මෙම අනතුර සිදුව තිබේ. කැඩිගිය සරුංගලයේ නයිලොන් නුල පාර හරහා තිබි ඇති අතර එය යතුරුපැදිකරු අතින් අල්ලා ඉවත්කිරිමට යාමේ දි යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලිගොස් ඇති බව අනාවරණය වි තිබේ.

 

යතුරුපැදිකරු තම බිරිඳ හා දරු දෙදෙනා සමඟ තම මව්පියන් බැලිම සඳහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.

 

මෙම අනතුරෙන් සුදසිංහ ලියනගේ මේනකා ප්‍රසාදනි(34) අනතුර වු ස්ථානයේදිම මියගොස් ඇත.

 

වයස අවුරුදු එකයි මාස 06ක් වයසැති හින්දෙනියගේ අනුක රන්දුල නැමති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

views

10310 Views

Comments

arrow-up