ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
05

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ දිනය තුල කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 384 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

 

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 84,610 දෙනෙකු වන අතර ඉන් 80,836 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

 

ඊයෙ හඳුනාගත් ආසාදිතයන් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

 

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 78ක් ලෙසය. ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35ක් වාර්තා වේ.

 

අනෙක් ආසාදිතයින් 174 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ. කොවිඩ් -19 ආසාදිතයින් 3,285 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

 

කොවිඩ් -19 ආසාදිතව මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 489 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

views

642 Views

Comments

arrow-up