නීති ශිෂ්‍යයෙකුට පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න උපදෙස් - සරත් වීරසේකර
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

නීති ශිෂ්‍යයෙකුට පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න උපදෙස් - සරත් වීරසේකර

නීති ශිෂ්‍යයෙකුට පහරදීමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න උපදෙස්  - සරත් වීරසේකර

නීති ශිෂ්‍යයෙකුට පෑලියගොඩ පොලිසියේදී පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අද දිනයේදී පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

 

අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පොලිස් ස්ථානයක් තුල මෙවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.

 

අත්අඩංගුවට ගනු ලැබූ සකකරුවෙකු බැලීම සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානයට ගිය නීති සිසුවෙකුට පහරදීමෙන් පසු ඔහු රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගේ පුත්‍රයාට බවයි වාර්තා වන්නේ

views

502 Views

Comments

arrow-up