පෑලියගොඩ පොලිසිය තුළදී නීති සිසුවාට පහරදුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

අවසන් වසර සිසුවකු වන මිගාර ගුණරත්න යන අයට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ දී පහර දී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
සිද්ධි සම්බන්ධයෙන් වන විමර්ශනය අවසන් වනතුරු අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
පොලිසිය තුළදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අප්‍රසාදය පළකර තිබුණා.
1664 Views
Comments