බැසිල්ට එරෙහි දිවිනැගුම නඩුව තවත් කල්යයි

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව එළඹෙන ජුලි පළමු වන දා දක්වා කල් තබා තිබෙනවා.
දිවිනැගුම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බල්ලෙක් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස කල් තැබුණා.
රුපියල් ලක්ෂ 365 ක වියදමින් ජී අයි පයිප්ප මිලදී ගෙන රජයේ දිවිනැඟුම දෙපාර්තමේන්තුවට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.
725 Views
Comments