වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්

රථවාහන ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමට තවමත් හැකියාවක් නොමැති බව ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඞී. ලක්ෂ්මන් මහතා පවසනවා
එසේ ආනයන සීමා ලිහිල් කිරීමට තරම් ප‍්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බව ද මහ බැංකු අධිපතිවරයා පවසනවා .
මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ හමුවේ ඇතැම් හිඟයන් ඇති විය හැකි නමුත් මේ අවස්ථාවේ ආනයන පාලනයන් ලිහිල් කළහොත් නැවතත් ගෙවුම් ශේෂය පරණ තිබුණ තත්ත්වයට පත්වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
යම් කිසි දුක්විඳීමකින් තොරව සතුටුදායක, සැපදායක තත්ත්වයකට පැමිණීමට අපහසු බව ද, එහෙම අවස්ථා ඉඳලා හිටලා පැමිණිය හැකි බව ද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා කීවේ මෙහිදී මහජනයාගේ අවබෝධය සහ ආධාරය අවශ්‍ය වන බවයි.
ආර්ථික ප‍්‍රතිපත්ති වශයෙන් වඩා බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රමයක් අනුගනය කරගෙන යන බැවින් ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි ද එසේ සිතීමට සාධාරණ හේතු තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ අනුව 2020 වසරේ ඍණ සියයට 3.9 ක සිට මේ වසරේ (2021) සියයට 5.5ත් සියයට 6.0 ත් අතර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
810 Views
Comments