මම ජනාධිපති වුණේ වැඩකරලා - මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි - ජනපති
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
06

මම ජනාධිපති වුණේ වැඩකරලා - මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි - ජනපති

මම ජනාධිපති වුණේ වැඩකරලා -  මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි - ජනපති

තමා ජනාදිපති වුයේ වුණේ වැඩකරලා මිස මාධ්‍ය සංදර්ශන පෙන්වා නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

 

කුමන විවේචන පැමිණිය ද තමා කටයුතු කරන්නේ තමාගේම ක්‍රමවේදයකට අනුව බව ද ජනාධිපති පවසනවා

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ පිහිටි දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් අද පැවැත්වෙන “ගම සමග පිළිසඳරක්” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

 

“දුෂ්කර ගම්මානවලට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙකු යැවෙන්නේ නෑ.

අපි එන්නේ ඒ ගම්මානවල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න.

මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි.

මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා.

අපි බලයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා.

මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා.

කවුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.”

 

දික්වැල්ල කන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා භූමියට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග සුහද පිළිසඳරක ද නිරත වූ අතර එහිදී රැස්වී සිටි මහජනතාව තමන්ගේ ගැටළු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මේ අයුරින්.

 

 

 

views

835 Views

Comments

arrow-up