ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජයෙන් ඉල්ලීමක්

එළඹෙන 73 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි මාසේ පළමුවැනිදා සිට සතියක කාලයක් ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස රජයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සියලුම නිවාස වෙළඳ ව්‍යාපාර රජයේ සහ පෞද්ගලික කාර්යාලවල මෙන්ම වාහන වලද ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙසයි රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදාකළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
කොරෝනා වසංගත තත්ත්වයේ වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශ පවත්වා ගනිමින් ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
රජයේආයතන ගොඩනැගිලි ලබන 3 සහ 4 යන දිනවලදී විදුලි ආලෝකයෙන් ආලෝකවත් කරන ලෙසද සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් වෙත රජයේ දැනුම් දී තිබෙනවා.
ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිම යන තේමාව යටතේයි මෙවර 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල පැවැත්වෙන්නේ.
773 Views
Comments