ශ්‍රී ලංකාව ආසන්නයේදී තවත් නෞකාවක් අනතුරට ලක්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
23

ශ්‍රී ලංකාව ආසන්නයේදී තවත් නෞකාවක් අනතුරට ලක්වෙයි

ශ්‍රී ලංකාව ආසන්නයේදී තවත් නෞකාවක් අනතුරට ලක්වෙයි

අබුඩාබි සිට ත්‍රිකුණාමලය දක්වා පැමිණෙමින් තිබුණු සිමෙන්ති රැගත් නෞකාවක් හම්බන්තොට මුහුදු තීරයේ පානම හා කිරින්ද අතරදී කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ දී අනතුරට ලක් වී තිබෙනවා.

 

ලයිබීරියානු රජය යටතේ ප්‍රවාහනය යෙදෙමින් තිබූ මෙම නෞකාවේ අනතුර සිදුවන අවස්ථාවේදී කාර්ය මණ්ඩලය 18 දෙනකු සිටි බවයි වාර්තා වන්නේ.

 

කාර්යමණ්ඩලයේ කිසිවකුට හානියක් සිදුවී නොමැති අතර එම ස්ථානයේ ද නාවික හමුදා යාත්‍රා දෙකක් පිටත්කර යවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 

මීටර් 180 ක් දිගින් හා අඩි තිහක් පමණ පළලැති MV Eurosun නම් මෙම නෞකාවෙන් මෙතෙක් තෙල් කාන්දුවක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

 

 

 

views

855 Views

Comments

arrow-up