පාර්ලිමේන්තුව වසා දැමීමට කිසිදු තීරණයක් ගෙන නැහැ - කතානායක

පාර්ලිමේන්තුව වසා තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වුවද මෙතෙක් පාර්ලිමේන්තුව වසා දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි කතානායකවරයා අවධාරණය කර සිටියේ.
අද මාතර ප්‍රදේශයේ පැවති ආසන බලමණ්ඩල රැස්වීමකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායක වරයා මේ බව කියා සිටියා.
සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට ගරු කරමින් සැමවිටම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව සියලු දෙනා කටයුතු කළ යුතු බවයි කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
800 Views
Comments