JAN
16
ගජමුතු ගිල දැමූ අයෙකු රෝහලට

ගජමුතු ගිලදැමූ පුද්ගලයෙකු මාන්චෝලේ දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මුලතිව් නගරයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු විසින් ගජ මුතු ගිල දැමූ බවයි වාර්තා වන්නේ.
ඊයේ පස්වරුවේදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් මෙම මෙහෙයුම දියත් කෙරුණා.
අදාළ සැකකරු සමඟ ගජමුතු ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
18716 Views
Comments