ඇමති චමල්ගේ පොරොන්දුවලින් පසු හම්බන්තොට මාරාන්තික උපවාසය අවසන්

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන අසූ හතරක නියෝජිතයින් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද අවසන් කෙරුණා.
ඔවුන්ගේ ඉල්ලීම් වලට කඩිනමින් පිළිතුරු දෙන බවට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දුන් පොරොන්දු වලට අනුව මෙසේ ඔවුන් මාරාන්තික උපවාසය අත්හැර තිබෙනවා.
එහෙත් සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි ගොවි සංවිධානවල නියෝජිතයින් පවසා සිටියේ.
පසුගිය 18 වනදා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය පසුව මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය වුණා.
උපවාස ස්ථානයට පැමිණි අමාත්‍යවරයා සහ ගම්වාසීන් අතර සංවාදයෙන් පසු මාසයක් ඇතුළත අදාළ නීති රෙගුලාසි නීතිපතිවරයා වෙත යොමුකර ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
1355 Views
Comments