රන්ජන් කිව්ව සමහර දේවල් සම්පුර්ණ ඇත්ත – විමලවීර දිසානායක (VIDEO)

අධිකරණය අපහාස කිරීමේ වරදට දැනට සිව්වසරක බරපතල වැඩ සහිතව සිර දඬුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක සිදුකළ ඇතැම් ප්‍රකාශ සත්‍ය බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රකාශ කර සිටිනවා.
එම ප්‍රකාශය පාර්ලිමේන්තුව ඇතුලේ කලානම් කාටවත් මුකුත් කරන්න බැරි බව ඒ මහතා පවසනවා
රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයට යාබද නිවාසයේ තමන් ජිවත් වන බව කියූ රාජ්‍ය අමාත්‍යවරයා ඔහු ඇසුරු කිරීමට හැකි ප්‍රියමනාප පුද්ගලයෙක් බවද කියා සිටියා.
” දැන් මම මෙහෙම කිව්වම මටත් මඩ ගහයි.
නමුත් රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා කිව්ව හැම කතාවක්ම ඇත්ත කියලා මම කියනවා.
අර්ධ වශයෙන් හෝ සත්‍ය තිබුනා එම කතා ඇතුලේ. එතුමා අමාරුවේ වැටුනේ පාර්ලිමේන්තුවෙන් පිටදී ඕවා කතා කරපු නිසයි.
පාර්ලිමේන්තුව ඇතුලේ ඕවා කතා කළා නම් මොකුත් කරන්න වෙන්නේ නැහැ.
එතුමා මේ රටේ නම්බුකාර ලිංගික කර්මාන්ත ශාලා ඇතුලේ දුක් විඳින ගෑනු දරුවන් ගැන කතා කළා.
ඇත්ත, අම්පාර වගේ ගොඩක් දුෂ්කර පලාත්වල දරුවන් අද ඒ දුක විදිනවා. ඒ ගැන කතා කරන්න අද කවුරුත් නැහැ”
යැයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
808 Views
Comments