සුළු මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූවන් සිරගත කිරීම වෙනුවට පුනුරුත්ථාපනයට

සුළු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සහ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් දීර්ඝකාලීනව සිරගත නොකොට පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට නීති ප්‍රතිසංස්කරණය කිරීම ඉක්මනින් හඳුන්වාදෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
තවද ආරක්ෂක අංශ වලින් සිදුකරන මෙහෙයුම් වලදී වටලන මත්ද්‍රව්‍ය අධිකරණ කටයුතු සඳහා සුළු ප්‍රමාණයක් ලබාගෙන අනිත් සියල්ල විනාශ කිරීමට ධීවර ගන්නා බවත් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.
එලෙස කිරීමෙන් මත්ද්‍රව්‍ය තොග අයථා ලෙස භාවිතය නතර කිරීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. නිට්ටඹුව නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව පවසා සිටියා.
625 Views
Comments