පානදුර ඝාතකයින් පැමිණි යතුරුපැදිය ගඟෙන් ගොඩ ගනියි

පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතනයේ ඝාතකයින් පැමිණි යතුරු පැදිය බොල්ගොඩ ගඟේ ඌරකඩුව තොටුපළ අසලින් මීට ටික වෙලාවකට පෙර සොයාගෙන ගොඩගෙන තිබෙනවා.
පසුගිය 25 වනදා පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර පලා යාමේ සිද්ධියේ යතුරුපැදිය ගොඩ ගැනීමට පොලිස් නාවික කොට්ටාශයේ කිමිදුම්කරුවන් පෙරේරා සවස් කාලයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
ඝාතකයින් ඔරුවක ආධාරයෙන් යතුරුපැදිය ගඟට දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ T-56 ගිනි අවිය සහ තවත් උණ්ඩ 16ක් ඊයේ දිනයේ දී පානදුර වදුරම්මුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සඟවා තිබියදී සොයා ගැනුණා.
පසුගිය සදුදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් 32 හැවිරිදි ලක්ෂාන් සඳකැලුම් නැමැති අයෙකු මියගිය අතර සිද්ධියට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරම් මත ඇති වූ මුදල් ආරවුලක් බවයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.
ඝාතකයින් පොලිසියට භාර දීම සඳහා දැඩි උත්සාහයක් මෙන්ම උපායමාර්ග යොදෙමින් සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු හෙළි කර ගෙන තිබෙනවා.
එසේ පොලිසියට බාර වන්නේ නම් ඔවුන් අදාළ ඝාතනය සිදුකළ වෙඩික්කරුවන්ගේ දැයි සෙවීමට දැඩි අවධානයකින් සිටින බවයි පොලිසිය පවසන්නේ.
750 Views
Comments