පාස්කු කොමිසමේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ වාර්තා අධ්‍යනයට ජනපතිගෙන් කමිටුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

පාස්කු කොමිසමේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ වාර්තා අධ්‍යනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු කොමිසමේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරක සභාවේ වාර්තා අධ්‍යනයට ජනපතිගෙන් කමිටුවක්

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කමිටුවක් පත්කර තිබෙනවා.

 

එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය උදය ගම්මන්පිල, අමාත්‍ය රමේෂ් පතිරණ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන අය එම කමිටුවේ සෙසු සාමාජිකත්වය දරණු ඇති.

 

ජනාධිපති කාර්යාලය මගින් මෙම කමිටුව වෙත ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ ශ්‍රද්ධාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව යොමු කර තිබෙනවා.

 

එම කමිටුවේ පහසුකම් සැලසීම ඇතුළු මෙහෙයවීමේ කටයුතු ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර ට පවරා තිබෙනවා.

 

එම කමිටු වාර්තාව ලබන වසරේ 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

 

views

713 Views

Comments

arrow-up