විදෙස් ඇමති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා කාර්යාල කලාපීය අධ්‍යක්ෂ අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

විදෙස් ඇමති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා කාර්යාල කලාපීය අධ්‍යක්ෂ අතර හමුවක්

විදෙස් ඇමති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා කාර්යාල කලාපීය අධ්‍යක්ෂ අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගීතා කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලාක්ලන් කාර් අතර හමුවක් පැවැත්වී තිබෙනවා.

දුෂ්කර කාල පරිච්ඡේද හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටට පළ කරන සහයෝගය ඇගැයීමට ලක් කළ විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පවත්නා හවුල්කාරීත්වය අගය කරන බවද ප්‍රකාශ කර සිටියා.

මේ අනුව ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවයක් සහ සබඳතාවයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බවද කලාපීය අධ්‍යක්ෂවරයා මෙහිදී ප්‍රකාශ කළා.

views

210 Views

Comments

arrow-up