මමත් ආණ්ඩුව ගෙදර යවන්න පාරට බහිනවා…” – මෛත්‍රී
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
02

මමත් ආණ්ඩුව ගෙදර යවන්න පාරට බහිනවා…” – මෛත්‍රී

මමත් ආණ්ඩුව ගෙදර යවන්න පාරට බහිනවා…” – මෛත්‍රී

ආණ්ඩුව ඉවත් නොවන නිසා ආණ්ඩුව ඉවත් කර නව ආණ්ඩුවක් සෑදීමට තමන්ට තමන්ද පාරට පිවිසි බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු ජනපතිවරයා මේ බව පැවසුවේ (01) පොලොන්නරුවේ පැවති විරෝධතා පාගමනකට සහ ‍රැළියකට සහභාගී වෙමින්.

 

“මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවක අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත අරගෙන තමයි අද මමත් පාරට බැස්සේ. රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාවෙන් සිටින විට අපට පුළුවන්කමක් නෑ ගෙදරට වෙලා ඉන්න.

 

ආණ්ඩු පක්ෂයේ ඉදලා ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නයි. ඒ අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගත් ආණ්ඩුවක් විය යුතුයි. විශේෂයෙන් ම තරුණ පිරිස ගෝල් ෆේස්වලට ඇවිල්ලා කරනු ලබන විරෝධයට අද මුළු රටේම ජනතාවගේ ආශිර්වාදය තිබෙනවා.

 

ඒ ආශිර්වාදයට අපිත් එක්විය යුතුයි.ඒ තරුණ පිරිස්වලට අවශ්‍ය හොඳ රටක් හදන්න මේ රටේ පාලනය වෙනස් විය යුතුයි කියන කාරණය ට අපිත් සහාය දිය යුතුයි” යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

views

603 Views

Comments

arrow-up