ඇමති පුටුවලින් ඉවත්වුණත් ඇමති සැප අත් නොහැරි අපේ රටේ හිටපු ඇමතිලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

ඇමති පුටුවලින් ඉවත්වුණත් ඇමති සැප අත් නොහැරි අපේ රටේ හිටපු ඇමතිලා

ඇමති පුටුවලින් ඉවත්වුණත් ඇමති සැප අත් නොහැරි අපේ රටේ හිටපු ඇමතිලා

ඇමතිධුර අහිමි වූ හිටපු අමාත්‍යවරුන් වැඩිදෙනෙකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි වාර්තා වේ.

 

එපමණක් නොව, ඔවුන්ට ලබා දුන් ඇමති ආරක්ෂාවද තවමත් ඉවත් කර නොමැති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.


 
එම හිටපු අමාත්‍යයවරුන් වැඩිදෙනා රජයේ නිවාසවල තවමත් පදිංචිව සිටින අතර ඔවුන්ට සියධුරය අහිමි වුවද මාස දෙකක කාලයක් එහි රැඳී සිටීමට රජයේ අවසරය හිමිව තිබේ.

 

පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී හිටපු අමාත්‍යවරුන් 16 දෙනෙකුට පමණ ඇමති ධුර නොලැබුණු අතර ඉන් වැඩිදෙනකු අමාත්‍යධුර භාර නොගන්නා බව ජනාධිපතිවරයා වෙත කලිනම දැනුම් දී තිබුණි.

views

646 Views

Comments

arrow-up