දක්ෂිණ අධිවේගය වාහන 17 එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23 දශම 3 කළුතර ප්‍රදේශයේ දී වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.
සුඛෝපභෝගී මෝටර් රථ,වෑන් රථ සහ ලොරි රථ අනතුරට ලක් වූ වාහන අතර වන බව පොලිසිය කියයි.
සිදු වූ අනතුර හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ දොඩංගොඩ දෙසට කිලෝමීටර් ගණනාවක දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් පැය කීපයක් තුළදී අනතුරට පත් වාහන එම ස්ථානවලින් ඉවත්කර වාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය තත්ත්වයට පත් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පැවැසීය.
643 Views
Comments