කෑන් වලට තෙල් දෙන්නෙ නෑ - සිපෙට්කෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

කෑන් වලට තෙල් දෙන්නෙ නෑ - සිපෙට්කෝ

කෑන් වලට තෙල් දෙන්නෙ නෑ - සිපෙට්කෝ

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පවසා සිටියා.

 

 

භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බව කී සුමිත් විජේසිංහ මහතා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමෙන් කෑන්වලට ලබාගත හැකි බව ද සඳහන් කරනවා.

 

 

නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් කෑන්වලට ලබාගැනීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකය අවශ්‍ය වන බවත් ඉන්ධන අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම ජනතාව නතර කළ යුතු බවත් විජේසිංහ මහතා පවසනවා.

views

682 Views

Comments

arrow-up