විරෝධතාකරුවෝ ඇමති රෝෂාන්ගේ නිවසට කඩා පනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
05

විරෝධතාකරුවෝ ඇමති රෝෂාන්ගේ නිවසට කඩා පනී

විරෝධතාකරුවෝ ඇමති රෝෂාන්ගේ නිවසට කඩා පනී

රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව පිහිටි නිවසට ඊයේ(04) රාත්‍රියේ 300ක පමණ පිරිසක් කඩා වැදී තිබෙන අතර එම පිරිස නිවසට අලාභ හානි සිදුකර ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.

 

පොලොන්නරුවේ සිටි පා ගමනින් පැමිණි විරොධතාකරුවන් අමාත්‍යවරයාගේ පොලොන්නරුව කාර්යාලට වතුර බෝතල් ප්‍රහාරයක්ද එල්ල කර ඇති අතර පසුව ඔවුන් පා ගමනින් අමාත්‍යවරයාගේ නිවසට ගොස් තිබේ.

 

කලහකාරි ලෙස හැසිරෙන එම පිරිස අමාත්‍යවරයාගේ නිවසේ හෝරා කිහිපයක් රැඳී සිට තිබෙන අතර නිවසේ විවිධ භාණ්ඩවලට හානි කර ඇතැයි වාර්තා වෙයි.

 

අමාත්‍යවරයා නිවසේ සිටියේද, නැද්ද යන්න ගැන තොරතුරු ලැබී නැත.

 

පිරිස නිවසින් ඉවත් කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ බව පොලිසිය සඳහන් කරයි.

views

683 Views

Comments

arrow-up