කෝටි ගණනක් වටිනා නීතිවිරෝධී වියළි මුහුදු කූඩැල්ලන් සමඟ ශ‍්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

බලපත්‍රක් නොමැතිව බෝට්ටුවක් මඟින් ඉන්දියාවේ රාමනාතපුරම් තොණ්ඩි වරායේ සිට මන්නාරමට රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ 7500ක් ප්‍රවාහනය කරමින් සිටි මන්නාරමේ ව්‍යාපාරිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් පසුගිය 27 වනදා වරායේදීම අත්අඩංගුවට ගෙන ඇත.
රාමනාතපුරම් රේගු නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වියළි මුහුදු කූඩැල්ලන් තොගය බෝට්ටුවකට පටවමින් සිටියදීයි.
මන්නාරමේ ව්‍යාපාරිකයා රේගු නිලධාරීට බලපත්‍රයක් ඉදිරිපත් කොට ඇතත් එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට අනාවරණය වී ඇත.
ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම, බලපත්‍රයක් නොමැතිව වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය, බෝට්ටුවක් මගින් වීසා නොමැතිව ගමන් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ මන්නාරමේ ව්‍යාපාරිකයාට සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනාට නඩු පැවරීමට රාමනාතපුරම් රේගු නිලධාරීන් පියවර ගෙන ඇත.
621 Views
Comments