12 හැවිරිදි පිරිමි දරුවාට හදිකළ 40 හැවිරිදි විවාහකයා අත්අඩංගුවට

බිබිල, හාමාපොළ, ඇතිබැඳිකිවුල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බිබිල පොලිසිය විසින් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දරුවා කුඹුරේ පැලක් තුළ සිටියදී සැකකරු විසින් මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙන අතර අතවරයට පත්වූ ළමයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බිබිල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
613 Views
Comments