ජේතවන චෛත්‍ය මුදුනට නැඟ විරෝධතා පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මානසික ප්‍රතිකාර ඒකකයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

ජේතවන චෛත්‍ය මුදුනට නැඟ විරෝධතා පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මානසික ප්‍රතිකාර ඒකකයට

ජේතවන චෛත්‍ය මුදුනට නැඟ විරෝධතා පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මානසික ප්‍රතිකාර ඒකකයට

අනුරාධපුර පූජා භූමියේ ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයෙකු පෙරේදා(16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ පදිංචි මධ්‍යම සංස්කෘතික අරමුදලට අනියුක්තව සේවයේ නිරත වූ ආරක්ෂක නියාමකවරයකි.

 

විරෝධතාකරු ජේතවනාරාම දාගැබේ ගර්භයේ ඉහළ කොටසේ හතරැස් කොටුවට අසලට නැඟ විරෝධතාවයේ නිරත විය.

 

චෛත්‍ය ගර්භයට නැඟ විරෝධතාවේ නිරත වූ අමරසේන අප්පුහාමිලාගේ මහින්ද කුමාර යන අය මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්විය.

 

“පවතින රජයට සහයෝගය ලබා දී හෝ දේශපාලන භේදයකින් තොරව පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා සියලු‍ දෙනා එක්ව මේ අවස්ථාවේදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වනවා.

රට පුරා පවත්වනු ලබන උද්ඝෝෂණ සහ කැරලි නැවැත්වීමට බලධාරීන් කටයුතු කළ යුතුයි.

මේවායින් සිද්ධ වෙන්නේ තවත් රට ආගාධයට වැටීමයි. මේ සම්බන්ධයෙන් බලධාරීන් මැදිහත් නොවුණහොත් ඉදිරියේදී දිවි පරදුවට තබා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මා කටයුතු කරනවා.”


අත්අඩංගුවට ගත් සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව වෛද්‍ය නිර්දේශ මත අනුරාධපුර ශික්ෂණ රෝහලේ මාසිකව ප්‍රතිකාර ලබන බව ද මෙහිදී පොලිසිය පැවසී

views

615 Views

Comments

arrow-up