විදුලි කප්පාදුව පැය 3 කට අඩු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

විදුලි කප්පාදුව පැය 3 කට අඩු කරයි

විදුලි කප්පාදුව පැය 3 කට අඩු කරයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (25) සිට 27 වැනිදා දක්වා දින තුනක් පැය 4 යි විනාඩි 30 කට නියමිතව තිබූ විදුලි කප්පාදු පැය 3 යි විනාඩි 20 කට අඩු කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගීතා කොමිසම කීය.


කොළඹ නගරයේ වාණිජ කලාපවලට පෙරවරු 6.00 සිට 9.00 දක්වා පැය 3 ක් පමණක් විදුලිය කප්පාදු තරක බව ද මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් කියයි.

views

660 Views

Comments

arrow-up