විගණකාධිපතිගෙන් රටටම ආදර්ශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
25

විගණකාධිපතිගෙන් රටටම ආදර්ශයක්

විගණකාධිපතිගෙන් රටටම ආදර්ශයක්

විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න මහතා මසකට රුපියල් ලක්ෂ 10ක කුලී පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කර ආයතනයේ තිබූ පරණ වාහනයක් තම රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු‍ රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් ලබා දුන්නේය.

 

ඔහුට රාජකාරි කටයුතු සඳහා භාවිතා කිරීමට රුපියල් ලක්ෂ 10ක කුලී පදනම මත වාහනයක් ගැනීමට මුදල් අමාත්‍යංශය පවා අනුමැතිය ලබා දි තිබුණි.

 

රට මේවන විට පත්ව ඇති අසීරුතාවය හේතුවෙන් රජයේ නිලධාරීන්ට ආදර්ශයක් දිය යුතු බව ප්‍රකාශ කර ඇති විගණකාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ ඇති පාවිච්චි කළ පරණ වාහනයක් තම රාජකාරී කටයුතු සඳහා යොදා ගෙන ඇති බව වාර්තා වෙයි.

views

679 Views

Comments

arrow-up