මුතුරාජවෙල තෙත්බිම යළිත් ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
10

මුතුරාජවෙල තෙත්බිම යළිත් ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

මුතුරාජවෙල තෙත්බිම යළිත් ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට

ලොව ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටා ඇති විශාලතම රැම්සා තෙත් බිමක් ලෙස සැලකෙන මුතුරාජවෙල තෙත්බිම ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වූයේ වරක් දෙවරක් නොවේ.
 

දේශපාලන බලාධිකාරියේ ද නොමද ආශිර්වාදය ලබන මෙම ඉඩම් කොල්ලකරුවන් විවිධ වංචනික කූඨ උපක්‍රම මෙම ක්‍රියාවලිය සඳහා භාවිත කරනවා.
 

මුතුරාජවෙල වනසන්නට ඉඩම් කොල්ල කරුවන් පමණක් නොව ඇතැම් අවස්ථාවලදී රජයේ  ආයතන පවා මැදිහත් වී ඇති අවස්ථා අපමණයි.
 

එක් අවස්ථාවක කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍රාගාරයක් මෙහි  ප්‍රතිෂ්ඨාපනය කිරීමට වෙර දරූ රජය බලධාරීන් තවත් අවස්ථාවක ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයක් මෙම වටිනා තෙත්බිම් භූමියේ ඉදි කරන්නට වෙර දරුවා.
 

කෙසේ වෙතත් පරිසරයට හානි කරන මෙම ව්‍යාපෘතීන් කෙරෙහි එල්ල වූ ජනතා විරෝධය හමුවේ ඒවා අකුලා ගන්නට රජයට සිදු වුවද ඉතාම කූට ලෙස ක්‍රමයෙන් සිදු කෙරෙන මුතුරාජවෙල ආක්‍රමණයන් තාමත් නැවතී නැහැ.
 

මුතුරාජවෙල වටිනා බිම ගොඩකර එහි විශාල පොල් ගස්,තල් ගස් සිටුවා සිදු කරන තවත් නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ලක් වුණා.
 

නිදාසිටි බලධාරීන්ගේ දෙනෙත් විවර කළ මෙම හෙළිදරව්වත් සමග පරිසර බලධාරීන් මෙම භූමියට ගොස් පරික්ෂා කර බලන්නට අද පියවර ගෙන තිබුණා.
 

මේ සා දැවැන්ත පාරිසරික හානියක් සිදු වෙද්දී මෙරට පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මහජන මුදලින් වැටුප් ලබා ගන්නා පරිසර බලධාරීන් සිටියේ කොහෙද?
 

මෙම රැම්සාර් තෙත් භූමියේ වටිනාකම මෙරට පරිසරය රැක ගැනීමට සිටිනා බලධාරීන්ට නොතේරෙන්නේද?

views

846 Views

Comments

arrow-up