ටෙලි නාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ කොරෝනා වැළඳී මිය යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

ටෙලි නාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ කොරෝනා වැළඳී මිය යයි

ටෙලි නාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ කොරෝනා වැළඳී මිය යයි

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකින් දක්ෂතාවයන් ප්‍රකට කළ රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද(3) දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.

 

කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්,සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇති අතර වේදිකා නිලියක ලෙසද නටයුතු කර තිබේ.

 

රජෙක් වගේ පුතෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය දිනා ඇත. කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය නිසා ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ඇයට විදේශයේදී හටගත් රෝගී තත්ව කිහිපයකට ප්‍රතිකාර ලබමිනි.

 

අනතුරුව ඇය දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණාය. ඇය විවාහ ජීවිතයට පිවිස තිබුනේ නැති අතර මව සමග නිවසේ සිටියාය. මියගිය සමන්තාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව සිදුවිය.

views

1593 Views

Comments

arrow-up