අද කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මි 100 ඉක්මවූ තද වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

අද කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මි 100 ඉක්මවූ තද වැසි

අද කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මි 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ,දකුණ සහ බස්නාහිර පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.(50-60) දක්වා වැඩි විය හැක.

 

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින 'ගුලාබ්' සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 18.3 සහ නැගෙනහිර දේශාංශ 87.7 ආසන්නයේ ස්ථානගතව පවතින අතර අද (26) හවස් වන විට ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට ගමන් කර ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශය සහ දකුණු ඔඩිස්සා අතර වෙරළ තිරයෙන් ගොඩ බිම තුලට ගමන් කරනු ඇතැයි   බලාපොරොත්තුවේ.

 

උතුරු අක්ෂාංශ 15.0 සහ 20.0,නැගෙනහිර දේශාංශ 80.0 සහ 90.0 මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසද දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසද අවවාද කරනු ලැබේ.

 

මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ.

 

මන්නාරම සිට   පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) පමණ දක්වා වැඩි විය හැක.

 

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

 

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. (2.0 - 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතී.

 

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස අවවාද කරනු ලැබේ.

views

781 Views

Comments

arrow-up