බුදු පුතෙක් හා තරුණයින් උර දුන් ඥාතීන්ට එපා වූ දේහය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

බුදු පුතෙක් හා තරුණයින් උර දුන් ඥාතීන්ට එපා වූ දේහය

බුදු පුතෙක් හා තරුණයින් උර දුන් ඥාතීන්ට එපා වූ දේහය

රිය අනතුරකින් මියගිය තරුණයෙකුගේ මළ සිරුර ඥාතීන් විසින් භාර නොගැනීම හේතුවෙන් ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේගේ සහ තරුණයින් එක්ව එම දේහය භාරගෙන විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබුණේ මියගිය විටවත් තම සහෝදරයාට කෘතගුණ සැලකීම සඳහා ඉදිරිපත් නොවන සැමට ආදර්ශයක් දෙමිනි. 

 

මෙලෙස මියගොස් තිබුණේ විසි දෙහැවිරිදි අවිවාහක තරුණයෙකි.

 

හත්තක මානම්පිට ජනශක්ති ආරාම විහාරස්ථානයේ එම දේහය තැන්පත් කර තිබුණි.

 

මෙම තරුණයා තනිව ජීවත්වී තිබෙන අතර ජීවිත කාලය ගෙවා තිබෙන්නේ නිවසක් කුලියට ගැනීමෙනි. 

 

ඔහු එදිනෙදා කුලී වැඩ කරමින් දිවිගෙවා ඇති අතර පසුගිය දිනක පිටිගල පැලවත්ත මාර්ගය උහන්ඹ්විට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මරණයට පත්ව ඇත. 

 

අනතුරෙන් තුවාල ලැබූ තරුණයා ඇල්පිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබිණත් රෝහල්ගත කිරීමෙන් පසු තරුණයා මිය ගොස් තිබේ.

 

ඔහුගේ දේහයට සිදුකල කොවිඩ් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇත. 

 

දේහය ඥාතීන්ට භාරදීම සඳහා සෞඛ්‍ය අංශ යොමුවූවත් දේහය භාර ගැනීම සඳහා ඥාතීන් කිසිවෙක් ඉදිරිපත්වී නැත. 

 

ඒ සම්බන්ධව කරුණු අනාවරණය වීමත් සමඟ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කල ප්‍රදේශයේ තරුණ පිරිස දේහය විහාරස්ථාන ධර්මශාලාවේ තැන්පත් කිරීමට කටයුතු සලසා තිබිණි. 

 

තරුණ පිරිසගේ මැදිහත්වීමෙන් දේහය පිටිගල පොදු සුසාන භූමියේදී භූමදානය කිරීමද සිදු විය.

views

48484 Views

Comments

arrow-up