එන්නත්කරණ කාඩ්පත අමතකවූ වෛද්‍ය අනිල් ජාසිංහ ගුවන්තොටුපොලේ හිරවෙයි

විදේශ ගත වීම සදහා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන සනාථ කරන කාඩ්පත රැගෙන නොපැමිණීම නිසා ඔහුට ගුවන් ගත වීමට නොහැකිව ගුවන් තොටුපළ තුළ රැදී සිටීන බව වාර්තා වනවා.
දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් පරිසර සමුළුවට සහභාගී වීම සදහා අද දින රාත්‍රී 08.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ දකුණු කොරියාව වෙත පිටත්වීම සදහා ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එන්නත් ලබා ගත් බවට සනාථ කෙරෙන කාඩ්පත ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට තම නිවස තුළ සොයා බැලුවද එය සොයා ගැනීමට නොහැකිව අස්ථානගත වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් කොවිඩ් එන්නත් කාඩ්පතේ ජායා පිටපතක් ජාතික රෝහලේ සිට තම වට්ස් ඇප් ගිණුම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටීන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
මෙම එන්නත් කාඩ්පත නොමැතිව කිසිදු රටක ගුවන් තොටුපළකින් එම රට තුළට ඇතුළු කර ගැනීම අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ.
1002 Views
Comments