ලොවක් වසඟ කළ යොහානිට ඩයස්පෝරාව ගොරවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

ලොවක් වසඟ කළ යොහානිට ඩයස්පෝරාව ගොරවයි

ලොවක් වසඟ කළ යොහානිට ඩයස්පෝරාව ගොරවයි

යොහොනි ද සිල්වා ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟ කොටි හිතවාදී කණ්ඩායම් ඇයට විරුද්ධව විවිධ ප්‍රචාර පැතිරවීම ආරම්භ කර ඇත.

 

කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවට සහය දක්වන පුද්ගලයන් ට්විටර් හරහා විරුද්ධව ප්‍රකාශ පළකර තිබිණි.

 

 එක් ට්විටර් පණිවුඩයක සටහන් වූයේ ශ‍්‍රී ලංකාවේ හා ඉන් පිටත සිටින ඊළාම් දෙමළ ජනතාව යොහානිද සිල්වාට සහය නොදිය යුත්තේ ඇගේ පියා යුධ අපරාධකරුවකු වන නිසා බවයි.

 

තවත් එවැනි පණිවුඩයක සඳහන් කර තිබුණේ යුද අපරාධකරුවෙකුගේ දියණියක් වන යොහානිගේ ජනපි‍්‍රයතාවය බරපතළ ගැටලුවක් බවයි.

 

කොටි හිතවාදීන් මෙවැනි ප්‍රකාශ සිදුකරනු ලබන්නේ කෝටි සංඛ්‍යාත ඉන්දියානුවන් යොහානිට වසඟවී ඇති නිසා බැව් සක්සුදක් සේ පැහැදිලිය. 

 

ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තවල තමිල්නාඩුවේ, කේරළයේ පවා මැණිකේ මගේ හිතේ ගීතය ඉමහත් ජනපි‍්‍රය වී තිබේ.

 

යොහානි දිල්ලියේ මෙන්ම හයිද්‍රාබාදයේද පැවැත්වූ ප‍්‍රසංග අති සාර්ථක වී තිබෙන අතර කොටි හිතවාදී සුළුතරයකගේ ප්‍රචාර දෙස් විදෙස් හී වෙසෙන කෝටි සංඛ්‍යාත යොහානිගේ රසිකයන්  පිළිනොගන්නා බව පැහැදිලි වී තිබේ.

 

ශ්‍රී ලංකාවට අභිමානය ගෙනදෙන යොහානිගේ පියා අපේ රටට අද්විතීය මෙහෙවරක් ඉටුකළ සෙන්පතියෙකු වීම දෙමළ ඩයස්පෝරාවේ මේ නෝක්කාඩුවට හේතුව වී තිබේ.

 

views

996 Views

Comments

arrow-up