ඔන් ලයින් එකෙන් පෙම් ලයින් එකේ පැටලූණු බාලවයස්කාරිය වැඩ වරද්දා ගනී - නිවසට පැමිණ දැරියව කෙළෙසූ පුද්ගලයා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

ඔන් ලයින් එකෙන් පෙම් ලයින් එකේ පැටලූණු බාලවයස්කාරිය වැඩ වරද්දා ගනී - නිවසට පැමිණ දැරියව කෙළෙසූ පුද්ගලයා අත්අඩංගුවට

ඔන් ලයින් එකෙන් පෙම් ලයින් එකේ පැටලූණු බාලවයස්කාරිය වැඩ වරද්දා ගනී - නිවසට පැමිණ දැරියව කෙළෙසූ පුද්ගලයා අත්අඩංගුවට

මුහුණු පොත ඔස්සේ හදුනාගත් තරුණියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කල තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

 

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. 

 

කොවිඩ් වසංගතය නිසා ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගැනීමට දැරියගේ මව විසින් ජංගම දුරකථනයක් මිලදී ගෙන දී ඇති අතර ඇය මවට හොර රහසේ මුහුණු පොතෙන් බදුල්ල ප්‍රදේශයේ තරුණයෙකු හඳුනාගෙන ඇතැයි තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කීය. 

 

ඔහු සූක්ෂම ලෙස දැරියගේ වැඩිමහල් සොහොයුරා සමඟ මිත්‍ර වී පයාගල නිවසට පැමිණ ඇති අතර ඔහුගේ මාර්ගයෙන් නිවසට පැමිණ නිවැසියන් නොමැති අවස්ථාවලදී දැරිය අපයෝජනයට ලක්කර නිවසින් පලාගොස් තිබෙන බව පොලිසිය පැවසීය.

views

1311 Views

Comments

arrow-up