AUG
21
ගොයම් කපන යන්ත්‍රයක් පෙරළීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රත්නපුර හංගමුව ප්‍රදේශයේ ගොයම් කපන යන්ත්‍රයක් පෙරළීමෙන් එහි ක්‍රියාකරු මියගොස් තිබෙනවා.
අදාළ පුද්ගලයා ගොයම් කැපීම සඳහා යන්ත්‍රය කුඹුරට ගන්නා අවස්ථාවේදී එය පෙරළී ගොස් ඇති අතර යන්ත්‍ර ක්‍රියාකරු බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබී ඇත්තේ පැය කීපයක මෙහෙයුමකින් අනතුරුවයි.
පසුව රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ පනස් නව හැවිරිදි දෙදරු පියෙක්.
211 Views
Comments