කැකිරාවෙන් ඩීසල් ලීටර් 400ක්, පුදුකුඩිඉරුප්පුවලින් ඩීසල් ලීටර් 1590ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

කැකිරාවෙන් ඩීසල් ලීටර් 400ක්, පුදුකුඩිඉරුප්පුවලින් ඩීසල් ලීටර් 1590ක්

කැකිරාවෙන් ඩීසල් ලීටර් 400ක්, පුදුකුඩිඉරුප්පුවලින් ඩීසල් ලීටර් 1590ක්

බලපත්‍ර නොමැතිව ඩීසල් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු කැකිරාව සහ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැකිරාව යක්කල පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ඩීසල් ලීටර් 400ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මතය.

 

32 හැවිරිදි වියේ පසුවන සැකකරු ගොඩවෙල නිහිළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

එසේ ම පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී ද ඩීසල් ලීටර් 1590ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

42 හැවිරිදි එම සැකකරු කිරණමඩු මණ්ඩකන්ඩාවල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

කිරණමඩු මණ්ඩකන්ඩාවල් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම ඩීසල් තොගය සොයාගෙන ඇත.

 

සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙන අතර ඔවුන්ට මුලතිව් සහ හැටන් මහේස්ත්‍රාත් අධිකරණ වලට පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

 

views

229 Views

Comments

arrow-up