ජීප් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ජීප් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ජීප් රථයක් ගසක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අඹන්පොළ කලුවිලපොතානෙ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ(06) උදෑසන බියගම සියඹලාපේ ප්‍රදේශයේ සිට අනුරාධපුරය බලා යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබූ අතර රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ඔවුන් ගමන්ගත් ජීප් රථය පාලනයෙන් ගිලිහී ගොස් ගසක ගැටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව අඹන්පොළ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

views

235 Views

Comments

arrow-up