ජනපතිගේ උපන්දිනය සමරන්න ගිය අරගලකරුවන් 21ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ පුද්ගලයින් 21 දෙනෙකු අද(20) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ එම සිදුවීම් පටිගත කරමින් සිටි දෙදෙනෙකුද අයත් වන බව වාර්තවේ.
අදට යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73 වන ජන්ම දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම පිවිසුම් මාර්ග වටකරමින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවිය.
කෙසේවුවත් මෙම විරෝධතාවය තවමත් ක්‍රියාත්මක අතර තවත් පිරිස් මේවන විට ගාලු මුවදොර වෙත පැමිණෙමින් සිටී.
මීට පෙර කුප්‍රකට මැයි 09 වනදා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රටම ගිනි අවුලා සිය ධූරයෙන් නික්ම ගියේය.
281 Views
Comments