FEB
27
චමුදිතගේ ප්‍රශ්ණයට රූ රැජිනි පුෂ්පිකා අද පිළියන්දල පොලිසියට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා අද(27) දින පිළියන්දල පොලිස් ස්ථානය වෙත පැමිණීමට නියමිතය.
ඒ ඇය ඊට පෙර දිනයකදී ප්‍රකාශ කළ ආකාරයටය.
ඉකුත් 23 වැනි දින ඇයව පිළියන්දල පොලිසිය වෙත කැදවා තිබුණද ඇය එදින පොලිසිය මඟ හැර තිබුණා.
කෙසේ වෙතත් ඇය නීතිඥවරයකු මාර්ගයෙන් එදින දන්වා තිබුණේ අද දින ඇයට ඒ සඳහා පැමිණිය හැකි බවයි.
680 Views
Comments