ජනාධිපති කාර්යාලයේ ව්‍යුහාත්මක වෙනසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
20

ජනාධිපති කාර්යාලයේ ව්‍යුහාත්මක වෙනසක්

ජනාධිපති කාර්යාලයේ ව්‍යුහාත්මක වෙනසක්

ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට සෘජුව සේවා සපයන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

 

ජනාධිපති ලේකම් ධූරයට ගාමිණී සෙනරත් මහතා පත් වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙරෙමින් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

 

නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාම යොදා ගනිමින් වැරදි අර්ථකථන දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

views

617 Views

Comments

arrow-up